Log in

updated 6:32 PM UTC, Aug 4, 2020
Headlines:
A+ A A-

කලා

ෆ්‍රෙඩීගේ සින්දු නදීගේ හඬින්!

Fredi Nadee

ලංකාවේ අතිශය ජනප්‍රිය විකට ගීත ගායකයා වූ ෆ්‍රෙඩී සිල්වා විසින් ගායනා කරන ලද ගීත අතරින් තෝරාගත් ගී සමූහයක් නදීක ගුරුගේ සංගීතවේදියා විසින් ගායනා කරනු ලබයි.

ඒ ජනවාරි 7 වෙනිදා සවස 03ට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල ශාලාවේදී ය.

 

ෆ්‍රෙඩී කියපු සින්දු

ෆ්‍රෙඩී සිල්වා මුලින්ම පටිගත කල ගීතය "මොට්ටපාල"යි. ඔහු ඉන්පසුව නැවතත් "බාර් බාර්" ගීතය නැවුම් මුහුණුවරකින් පී.ඇල්.ඒ. සෝමපාල සමඟින් ගායනා කරනු ලැබූවා. එය සාර්කත්වයටම ලඟා වූයේය.

විකට ගී ගායනයේදී ඔහු ගීත කලාවේ අලුත් පෙරැළියක් කළේ "බොරු කකුල් කාරයෝ", "ගිනි බෝල බෝල", "අලුත් කලාවක්" වැනි උපහාසාත්මක ගීත ශෛලියක් හඳුන්වා දෙමිනි. මෙම ගීත රචනා කිරීමේදී ෆ්‍රෙඩී සිල්වා සමඟ දායක වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඔවුන් හඳුන්වා දුන් ගීත අතර "ආරොං මාමා", "පාන් කිරිත්තා", "නෑදෑයෝ", "හඳ මාමා", "කැකිල්ලෙ රජ්ජුරුවෝ", "පරන කෝට්" (ලොකුම හිනාව චිත්‍රපටයට) ගීතයන් වඩාත් ප්‍රසිද්ධ වූයේය.

මෙවැනි අතිශය ජනප්‍රසාදය දිනාගත් ගීත වෙනත් ගායකයකු ප්‍රසිද්ධියේ ගායනා කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එයට නදීක ගුරුගේ කෙතරම් සාධාරණයක් ඉටු කරන්නේ දැයි බලන්න, අහන්න සංගීත රසකාමී ඔබටත් ඇරයුම්...

What do you think?

Send us feedback!

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් බදාදා දින නිදහස් චතුරස්‍රයේදී

Lester 800x445

සිනමාවේදී  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු  පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව  බදාදා දින  කොළඹ නිදහස් චතුරස්‍රයේදී  සිදු කෙරේ.

What do you think?

Send us feedback!

‘දැකල පුරුදු කෙනෙක්’ - සිනමා ප්‍රදර්ශනය සහ විද්වත් කතිකාව ජුනි 29

dekala purudu kenek

සිනමාව, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධ්‍ය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් CSR කලා කෙත මගින් සංවිධානය කරනු ලබන සිනමාවේදී මලිත් හෑගොඩගේ ‘දැකල පුරුදු කෙනෙක්’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් කතිකාවක් ජූනි 29 වන සෙනසුරාදා සවස 1.00 සිට (චිත‍්‍රපට ප‍්‍රදර්ශනයද සමග) මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

What do you think?

Send us feedback!

අමිතාබ් භච්චන් සහ රිශි කපූර් එකට.....

FIRST LOOK Amitabh Bachchan and Rishi Kapoor reunite as father and son in this quirky film 102 Not Out

ප්‍රවීණ බොලිවුඩ් නළු රිශි කපූර් සමග දීර්ඝ කාලයකට පසු යළි ත් වරක් රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක් බව සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් ප්‍රකාශ කරයි .

What do you think?

Send us feedback!

‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය ලොව පුරා තිරගත වෙයි....

image 4e96318b7e

බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය ලොව පුරා තිරගත වෙයි. මාධ්‍යවේදීන් සහ සිනමා විචාරකයන් වෙනුවෙන් චිත්‍රපටයේ විශේෂ දර්ශන කිහිපයක් පැවැත්වුණු අතර, චිත්‍රපටය බොහෝ විචාරකයන්ගේ පැසැසුමට ලක් වී අති බව වාර්තා වේ.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif