Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

ඥාතීන්ට ශ්‍රීදේවිගේ දේහය බාර දෙයි....

sridevi story 650 072814051104

බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හැඳින්වෙන ශ්‍රීදේවි කපූර්ගේ දේහය ඩුබායි බලධාරීන්  ඥාතීන්ට බාර දී අති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි මියගිය ශ්‍රීදේවි කපූර්ගේ දේහය  සඳුඳා ඉන්දියාවට රැගෙන ඒමට නියමිතව තිබුණත් මරණ පරීක්ෂණය හා ඉන් පසු කෙරුණු තවත් පරීක්ෂණ කිහිපයක් හේතුවෙන් දේහය ඥාතීන්ට බාරදීම ප්‍රමාද කිරීමට ඩුබායි බලධාරීහූ කටයුතු කළහ. බොලිවුඞ් නිළි රැජිණ හෘදයාබාධයකින් මියගිය බව වාර්තා වූයේ ඉකුත් සෙනසුරාදා (24) අළුයම් කාලයේදීය. ඇය නානකාමරයේ ‘බාත් එකේ’ අහම්බයෙන් ගිලී මියගිය බව මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය. ඇය මියගිය අවස්ථාවේදී සිරුරේ මත්පැන් ස්වල්ප ප්‍රමාණයක් තිබූ බව ද මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඩුබායි පුවත් සේවා වාර්තා කර තිබිණි. ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය ඇයගේ ස්වාමිපුරුෂයා වන බොනී කපූර්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර හෝටල් සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇති බව ද වාර්තා විය. 

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif