‘දැකල පුරුදු කෙනෙක්’ - සිනමා ප්‍රදර්ශනය සහ විද්වත් කතිකාව ජුනි 29
සිනමාව, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධ්‍ය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් CSR කලා කෙත මගින් සංවිධානය කරනු ලබන සිනමාවේදී මලිත් හෑගොඩගේ ‘දැකල පුරුදු කෙනෙක්’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් කතිකාවක් ජූනි 29 වන සෙනසුරාදා සවස 1.00 සිට (චිත්‍රපට ප්‍රදර්ශනයද සමග) මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී, දීප්ති කුමාර ගුණරත්න, තිවංක විශ්වන්ත ජයසේකර, ගීතිකා ධර්මසිංහ යන විද්වතුන් සහභාගී වන අතර මෙම විද්වත් සිනමා කතිකාව මෙහෙයවනුයේ ප්‍රවීන නිවේදක නුවන් ජූඩ් ලියනගේ මහතා විසිනි.
සමාජ හා සාමයික කේන්ද්‍රයේ මාධය එ්කකයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය කෙටි චිත්‍රපට සංගමය හා ශ්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය මගිනි.
What do you think?
Send us feedback!