Logo

ෆ්‍රෙඩීගේ සින්දු නදීගේ හඬින්!

Fredi Nadee

ලංකාවේ අතිශය ජනප්‍රිය විකට ගීත ගායකයා වූ ෆ්‍රෙඩී සිල්වා විසින් ගායනා කරන ලද ගීත අතරින් තෝරාගත් ගී සමූහයක් නදීක ගුරුගේ සංගීතවේදියා විසින් ගායනා කරනු ලබයි.

ඒ ජනවාරි 7 වෙනිදා සවස 03ට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල ශාලාවේදී ය.

 

ෆ්‍රෙඩී කියපු සින්දු

ෆ්‍රෙඩී සිල්වා මුලින්ම පටිගත කල ගීතය "මොට්ටපාල"යි. ඔහු ඉන්පසුව නැවතත් "බාර් බාර්" ගීතය නැවුම් මුහුණුවරකින් පී.ඇල්.ඒ. සෝමපාල සමඟින් ගායනා කරනු ලැබූවා. එය සාර්කත්වයටම ලඟා වූයේය.

විකට ගී ගායනයේදී ඔහු ගීත කලාවේ අලුත් පෙරැළියක් කළේ "බොරු කකුල් කාරයෝ", "ගිනි බෝල බෝල", "අලුත් කලාවක්" වැනි උපහාසාත්මක ගීත ශෛලියක් හඳුන්වා දෙමිනි. මෙම ගීත රචනා කිරීමේදී ෆ්‍රෙඩී සිල්වා සමඟ දායක වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඔවුන් හඳුන්වා දුන් ගීත අතර "ආරොං මාමා", "පාන් කිරිත්තා", "නෑදෑයෝ", "හඳ මාමා", "කැකිල්ලෙ රජ්ජුරුවෝ", "පරන කෝට්" (ලොකුම හිනාව චිත්‍රපටයට) ගීතයන් වඩාත් ප්‍රසිද්ධ වූයේය.

මෙවැනි අතිශය ජනප්‍රසාදය දිනාගත් ගීත වෙනත් ගායකයකු ප්‍රසිද්ධියේ ගායනා කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එයට නදීක ගුරුගේ කෙතරම් සාධාරණයක් ඉටු කරන්නේ දැයි බලන්න, අහන්න සංගීත රසකාමී ඔබටත් ඇරයුම්...

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com