Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

ප්‍රවීණ බොලිවුඩ් නිළි ශ්‍රීදේවි මියයයි.

Sridevi gets a dark new avatar for her next movie

ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ බොලිවුඞ් නිළි ශ්‍රීදේවි හෘදයාබාධයකින් මියගිය බව වාර්තා වේ.

මියයනවිට ඇය 54 හැවිරිදි වියෙහි පසුවූවාය. ශ්‍රීදේවි හෘදයාබාධයට ගොදුරු වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායිහිදීය. ඇය සැමියා බොනී කපූර් සහ බාල දියණිය කෞෂි ද සමඟ ඩුබායි ගොස් සිටියේ බෙලිවුඞ් නවක නළු මෝහිත් මර්වාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහාය. මෝහිත් මර්වා කපූර් පවුලේ ඥාතියෙකි.ශ්‍රීදේවිගේ හදිසි වියෝව බොලිවුඩය පමණක් නොව, ලොව පුරා සිටින බොලිවුඞ් සිනමා රසික රසිකාවියන්ට කම්පනයක් ගෙන දුන් පුවතක් වුණැයි වාර්තා විය. ඇගේ වියෝව සිදුවූයේ 24 දිනයේය.ඇගේ වියෝවත් සමඟ ඉන්දීය අගමැති මෝදි ශෝකය පළ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. ‘ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ශ්‍රීදේවිගේ සමුගැනීම බොලිවුඞ් සිනමාවට සිදුවුණු විශාල පාඩුවක්. චරිතාංග නිළියක ලෙස ඇගේ රංගනය අසමසමයි. ඇගේ අඩුව බොලිවුඞ් සිනමා කර්මාන්තයට ඉතා හොඳින් දැනේවි.’ යැයි මෝදිගේ එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.ශ්‍රීදේවි හින්දි නිළියක පමණක් නොවෙයි, ඇය දෙමළ, තෙළිඟු, මලයාලම් පමණක් නොව කන්නාඩ චිත්‍රපටවල පවා රංගනයෙන් දායක වී ඇත. ශ්‍රීදේවි සිනමාවට පිවිසියේ ළමා නිළියක ලෙසිනි. ඒ, 1969 වසරේ සිටය. ළමා නිළියක ලෙසින් ශ්‍රීදේවි බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1975 වසරේදී ‘ජූලි’ චිත්‍රපටයෙනි. ඇය ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩයට පිවිසියේ 1979 වසරේ ‘සොල්වා සවාන්’ චිත්‍රපටයෙනි. කෙසේ නමුත් ඇය බොලිවුඞ් සිනමාලෝලීන්ගේ අවධානය දිනා ගත්තේ 1983 වසරේ ‘හිම්මත්වාලා’ චිත්‍රපටයෙනි.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif