Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

වරායෙන් වාර්තාගත ලාභයක් 2017 දී...

15

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය වන රුපියල් බිලියන 13.2 ක ලාභයක් ඉකුත් වසරේ වාර්තා කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කෙරිය.

2016 වසරේ අධිකාරිය ලැබු ලාභය රුපියල් බිලියන 10 ක් වන බැවින් ඉකුත් වසරේ ලාභය සුවිශේෂි වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.වරාය අධිකාරියේ 2017 සමස්ත වියදම රුපියල් මිලියන 30,190 ත් බවත් එය 2016 වසරේ තිබු වියදම වන රුපියල් මිලියන 33005 සමඟ සසඳන විට රුපියල් මිලියන 2815 ක්  වියදම් අඩුවීමක් වන බව ද හෙතෙම සඳහන් කළේය.මෙම ලාභ ලැබීම මෙරට වරායන්හි තිරසාර පැවැත්මට රුකුලක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.වරාය අධිකාරිය මෙවැනි ලාභයක්  ලැබීමට හේතු වූ ප්‍රධාන කරුණ වන්නේ හම්බන්තොට වරාය බදුදීම සමඟ වරාය අධිකාරිය ගෙවීමට තිබු ණය ඉවත්වීම යැයි ද සමරසිංහ මහතා සඳහන් කළේය.මේ ලබා ඇති ලාභය කොළඹ ඇතුළු අනෙක් වරායන් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් සඳහා යොදවන බව ද අමාත්‍යවරයා පැවැසීය.

 

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif