tourist room

2020 අප්‍රේල් 01 දිනෙන් පසුව අන්තර් ජාලය ඔස්සේ හෝටල් නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට අවසර ලැබෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 5ට වඩා වැඩි හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් බව යෝජනා අංක 87 යටතේ සඳහන් කර ඇත.

ඒ අනුව කාමර 5ට අඩු කිසිදු නවාතැනකට අන්තර්ජාල ඔස්සේ කිසිදු සංචාරකයකු ගෙන්වා ගැනීමට නොහැකි වන බව හැඟවීමක් ද සිදුකර ඇත.

නමුත් එහි සිංහල පරිවර්තනයේ දෝෂයක් අනුව සිදුවී ඇති වරදක් බව තහවුරු කරගත් මුදල් අමාත්‍ය මංගල සමරවීර එය වහාම නිවැරදි කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් නිකුත්කර ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉහත ඉංග්‍රීසි පරිවර්තනය තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිවැරදිව දක්වා ඇතත් සිංහල පරිවර්තනය කියවීමේදී වැරදි හැඟීමක් මතුවන බවය.

ඒ අනුව අමාත්‍යවරයා පැහැදිළි කර ඇත්තේ 2019 අයවැය යෝජනා අංක 87 අනුව කාමර 5ට වඩා වැඩි හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන 2020 අප්‍රේල් 01 වනදා සිට ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතු බවය. එසේ නොවුවහොත් ඔවුන්ට අන්තර් ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කර ගැනීමට අවසර නොලැබෙන බවය. නමුත් කාමර 5ට අඩු සුළු පාරිමාණයේ අදාළ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා මේ යෝජනාවෙන් කිසිඳු හානියක් නොවන බවත් ඒ නිසා එම උදවිය ඒ සම්බන්ධව අර්බුදයක් ඇතිකරගත යුතු නැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පරිවර්තන දෝෂය සහිත සිංහල පිටපතේ යෝජනාව

Capture11

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිවැරදිව දැක්වෙන ඉංග්‍රීසි මුල් පිටපතේ යෝජනාව

Capture12