Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

විදෙස්

ග්ලයිෆොසේට් වෙනුවෙන් බේයර් සමාගම $ බිලියන10.9ක වන්දියකට සැරසේ

Bayer

ජර්මානු කෘෂි රසායනික සමාගමක් වන බේයර් ග්ලයිෆොසේට් අඩංඟු වල්පැල නාශකයක් වූ රවුන්ඩ්අප් නම් කෘෂි රසායනය නිසා පිළිකා ඇතිවූ බවට ඇමෙරිකාවෙහිදී කරන ලද පැමිණිළි ගණනාවක් වෙනුවෙන් ඩොලර් බිලියන10.9 ක වන්දියක් ගෙවීමට එකඟ වී තිබේ.

What do you think?

Send us feedback!

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පාසල් තුල ආහාර වර්ග 9ක් තහනම්...

24REST Pasta Flyer slide B7HY articleLarge

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පාසල් තුල ආහාර වර්ග නවයක් (09) විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස එමිරේට්ස් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර ඇති බව වාර්තා වේ . 

What do you think?

Send us feedback!

සංවිධානාත්මක විවාහ ජාවාරම් – ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර වාසය හිමි වන බව පවසමින් සිදු කෙරෙන වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම්වලට හසු නොවන්නැයි  ඕස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට කැමති ඉන්දියානු ජාතිකයන්ට නවදිල්ලියේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය  අනතුරු අඟවයි.

What do you think?

Send us feedback!

ගොඩාක් ආගම්වාදීහු ගොඩාක් භයානකයි - ඉන්දීය නළු ජෝන් ඒබ්‍රහම්

John Abraham

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන John Abraham විසින් කළ ප්‍රකාශයක් ලොවපුරා විවිධ මතිමතාන්තර සමග ගැටෙමින් ප්‍රචාරණය වෙමින් තිබෙනවා. Abraham John සහ Firoza Irani දෙමව්පියන්ට දාව උපත ලැබූ තමන්ට කිසිදු ආගමක් ඇදහීම සඳහා බලකිරීමක් නොවූ බවත්, තමන් සිව් හැවිරිදි වියේදී සිය පියා තමා කැමති ඕනෑම ආගමක් අදහන ලෙස තමන්ට පැවසූ බවත් සඳහන් කොට තිබෙනවා. “ඔබට ඕනෑම ආගමක් ඇදහීමට සහ පන්සලකට, දේවස්ථානයකට හෝ ගුරුද්වාර ආයතනයකට යෑමට නිදහස තිබෙනවා, නමුත් සැබවින්ම ඔබට දෙවියන්ට සමීප වීමට අවශ්‍ය නම් මිනිසුන්ට සේවය කරන්නැයි මගේ පියා මට පැවසුවා” යැයි ජෝන් ඒබ්‍රහම් ප්‍රකාශ කළා. “කර්ම සූත්‍ර” ග්‍රන්ථයේ බ්‍රේල් පිටපත එළිදක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“ඔබට හොඳ මිනිසකු වීමට අවශ්‍ය නම් ඔබ නිතරම ආගමික ස්ථාන වලට යායුතු වන්නේ නැහැ, හොඳ පුද්ගලයකු වීමට අවශ්‍ය වන්නේ හොඳ දේවල් කිරීම පමණයි. වඩා වැඩිපුර ආගම අදහන පුද්ගලයින් වඩාත් බිහිසුණු පුද්ගලයින් කියලයි මගේ අදහස, මම මේ කියන දේ වරදවා තේරුම් ගන්නවත්, කෙනෙකුට අගෞරවයක් ලෙස සලකන්න වත් අවශ්‍ය නැහැ,

නමුත් මම දන්නා ඇත්ත මේකයි. ආගමින් ඈත් වී සිටීමත්, ආගමේ එන මගපෙන්වීම් නිසි පරිදි ප්‍රායෝගිකව අනුගමනය කිරීමත් තමයි වඩාත් වැදගත්ම කාරණය. ආගමික මගපෙන්වීම් අනුගමනය කිරීමට අමතරව සියළු ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් යහපත ඉටු කිරීම තමයි වඩාත්ම වටින්නේ” යැයි ඉන්දීය නළු ජෝන් ඒබ්‍රහම් වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා.

දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින්ගේ ජාතික සම්මේලනය මගින් සංවිධාන කොට තිබූ මෙම වැඩසටහනට ජෝන් ඒබ්‍රහම් ආරාධිතයකු ලෙස සම්බන්ධ වී සිටියා. ඔහු එම සම්මේලනය සමග දශකයක කාලයක් තිස්සේ විවිධ කටයුතු වලට සම්බන්ධ වෙමින් සිටිනවා. වැඩසටහනේ සිය අදහස් දැක්වීම අතරතුර ජෝන් ඒබ්‍රහම් මෙලෙසද ප්‍රකාශ කළා.

“දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ ඉදිරිගමන ඉන්දියාව තුළ එතරම්ම සුබවාදී නැහැ, මේකට ප්‍රධානම හේතුව ඔවුන්ට යටිතල පහසුකම් ලබාගැනීමට ඇති අපහසුතාවය විය හැකියි. බොහෝ යුරෝපිය රටවල් සහ ඇමරිකාවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් වගේම සතුන් වෙනුවෙනුත් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. නමුත් අපේ රටේදී එවන් පුද්ගලයින් නොසලකා හැරීමත් සතුන්ට ගල් ගැසීමත් සිදුවනවා. අපි ඔවුන් ගැන සැලකිලිමත් වන්නේ නැහැ. මේක හරිම කණගාටුදායක තත්වයක්. අපේ රටට කරුණාවන්ත මිනිස්සු වැඩි වැඩියෙන් අවශ්‍යවන කාලයක් මේක. මිනිස්සුන්ට විතරක් නෙමෙයි, සතුන්ටත් කාරුණිකව සලකන මිනිස්සු අපිට අත්‍යවශ්‍යයි. යටිතල පහසුකම් අතින් ගත්තත්, අපේ රටේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් ඇති පහසුකම් ප්‍රමාණවත් නැහැ. අපි ඔවුන් වෙනුවෙන් සූදානම් වුනු රටක් නෙමෙයි. ඔවුන්ට ඔවුන්ගේ කටයුතු වඩා පහසුවෙන් කරගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි වැඩියෙන් ලබාදීමට අපි හැමදෙනාම සිතට ගත යුතුයි. පොදු ප්‍රවාහන සේවයේදී වගේම අනිකුත් පොදු සේවාවන්හිදී ඔවුන්ට පහසුකම් සැළකීමට අපි තවම සමත් නැහැ. අපේ ජීවිත කාලය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මීට වඩා පහසුවෙන් ජිවත් වනවා දැකීම අපි හැමෝගෙම අපේක්ෂාව විය යුතුයි”

(cinema.lk)

What do you think?

Send us feedback!

මිලියන 1.67ක් යූටියුබ් නාලිකා ඉවත් කිරීමේ තීරණයක්.....

20180117155526 youtube

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ  යූටියුබ් සේවාව  මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ . 

What do you think?

Send us feedback!

සංවිධානාත්මක විවාහ ජාවාරම් – ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර වාසය හිමි වන බව පවසමින් සිදු කෙරෙන වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම්වලට හසු නොවන්නැයි  ඕස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට කැමති ඉන්දියානු ජාතිකයන්ට නවදිල්ලියේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය  අනතුරු අඟවයි.

What do you think?

Send us feedback!

``මිනිහෝ උඹ මහ බූරුවෙක්!`` ගිනි නිවන භටයෙක් අගමැතිට කියයි!!

Aus z

ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය බලයේ සිටියදී දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමටත්, කාබන් විමෝචනය අඩු කිරීමටත් ආරම්භ කළ සියලු ව්‍යාපෘතීන් ලිබරල් පක්ෂය නවතා දැමුවා. ඒ කෙටිකාලීන ආර්ථික වර්ධන අරමුණු අතින් ගත් කල ඒවා වියදම් අධික වූ නිසා. ඊට සමගාමීව ඔස්ට්‍රේලියානු ගිනි නිවන හමුදාව නවීකරණයට අලුතෙන් යෙදවිය යුතු මුදල්ද යෙදවුණේ නෑ.

ඔස්ට්‍රේලියාවේ මෙවර ග්‍රීස්ම සෘතුව අන් කවරදාකටවත් වඩා බියකරුයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම වූ දින ගණන අන් වසරවලට වඩා බෙහෙවින් ඉහලයි. එසේම පසුගිය සැප්තැම්බරයේ සිටම ඔස්ට්‍රේලියානු වනාන්තර ගිනි ගන්නවා. මෙවර ඒ ගිනි යාබද ගම් නගරවලට කඩා පැන්නේ අනුකම්පා විරහිතවයි. නිවාස,කඩසාප්පු සිය ගණනක් සමග මිනිස් ජීවිත 20ක් පමණ දැනට ගින්නට බිලි වී සිටිනවා. බිලියන බාගයක් පමණ වන සතුන් මිය යන්නට ඇතැයි අනුමාන කරනවා.

මේ මොහොතෙත් මෙල්බර්න් හා සිඩ්නි නුවර යා කර දිවෙන මහා මාර්ගය අතර මැද පිහිටි කුඩා ගම් නගර ගිනිගෙන දැවෙනවා. දෙපැත්තෙන්ම සැපයුම් මාර්ග අවහිර වී දහසක් පමණ වෙරල තීරයේ කොටු වී සිටිනවා. මේ මොහොතේ නාවුක හමුදා නැව් හා බෝට්ටු මගින් ඔවුන්ව මුදාගැනීමේ මෙහෙයුම් සිදු වෙනවා. රට මැදට වන්නට පිහිටි ගින්නෙන් කොටු වූ කුඩා නගර වෙත ගුවන් හමුදාවේ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා යවා තිබෙනවා.

ඒත් බහුතර ජනතාවක් සිතන්නේ අගමැති මොරිසන් මේ ආපදාව පාලනය කිරීමට මුලදී ප්‍රමාණවත් උත්සාහයක් නොදැරූ බවයි. විශේෂයෙන්ම මීට සති කිහිපයකට පෙර සිඩ්නි නුවර දුමාරයෙන් වැසී යද්දී ඔහු හවායි නුවර නිවාඩුවක් ගත කිරීමට යාම ජනතාවගේ කෝපයට හේතු වූවා. දැන් ඔහු කරන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන්නට යාමයි.

ඊයේ දිනයේ ඔහු ගින්නට මැදි වූ කුඩා නගරයක කොටු වී සිටින ජනතාවගේ සුව දුක් බැලීමට ගිය මොහොතේ ජනතාව ඔහුට බැන වැදී පන්නා ගත්තා. නගරයේ ගිනි නිවන භටයෝ ඔහුට අතට අත දීම ප්‍රතික්ෂේප කළා. "මිනිහෝ උඹ මහ බූරුවෙක්" යැයි අයෙක් ඔහුගේ මුහුණටම පැවසුවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පලාතේ මන්ත්‍රීවරයාටත් ජනතාවගේ පැත්ත ගෙන අගමැතිවරයා විවේචනය කරන්නට සිදු වූවා.

විපක්ෂ නායකවරයා පසුගිය නොවැම්බරයේදී ලැව් ගිනිවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් අගමැතිවරයාට යොමු කර තිබුණත් ඔහු එයට වැඩි අවධානයක් යොමු කර තිබුණේ නැහැ. එහෙත් අලුතෙන් මතු වී ඇති තත්ත්වය යටතේ ඔහු එහි ඇතැම් යෝජනා ක්‍රියාත්මක කරන්නට පටන් අරන්.

මේ එළඹෙන සෙනසුරාදා අපට තීරණාත්මක දිනයක්. දැඩි උෂ්ණත්වයක් සමග දැඩි සුළං තත්ත්වයක් ඇති වන දිනයක්. දැනටමත් සිඩ්නි හා මෙල්බර්න් නගර තිබෙන නිව් සවුත් වේල්ස් හා විකටෝරියා ප්‍රාන්තවල හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. යුරොපයේ බොහෝ රටවල්වලටත් වඩා භූමි ප්‍රදේශයෙන් විශාල භූමියක වෙසෙන ජනයා සෙනසුරාදාට පෙර බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමේ මහා මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙනවා.

| තිලින මලලසේකර | ඕස්ට්‍රේලියාවේ සිට | 2020 ජනවාරි 03 | 

(comrade.lk )

What do you think?

Send us feedback!

සංවිධානාත්මක විවාහ ජාවාරම් – ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි.

imagesඕස්ට්‍රේලියාවේ ස්ථිර වාසය හිමි වන බව පවසමින් සිදු කෙරෙන වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම්වලට හසු නොවන්නැයි  ඕස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට කැමති ඉන්දියානු ජාතිකයන්ට නවදිල්ලියේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය  අනතුරු අඟවයි.

What do you think?

Send us feedback!

සංවිධානාත්මක විවාහ ජාවාරම් – ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර වාසය හිමි වන බව පවසමින් සිදු කෙරෙන වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම්වලට හසු නොවන්නැයි  ඕස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට කැමති ඉන්දියානු ජාතිකයන්ට නවදිල්ලියේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය  අනතුරු අඟවයි.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif