Log in

updated 9:58 AM UTC, Feb 23, 2020
Headlines:
A+ A A-

උතුරේ තරුණ-තරුණියන් 2000 ක් පොලිස් සේවයට

Police Force

මෙම වසර තුළදී උතුරු පළාතේ තරුණ තරුණියන් 2000 ක් පමණ පොලිස් සේවයට බඳවා ගැනීමට නියමිත වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

උතුරු පළාතේ පොලිස් ස්ථානවල පවතින පුරප්පාඩු හේතුවෙන් මෙම බඳවා ගැනීම් කඩිනම් කිරීමට නියමිතය. ඒ අනුව බඳවා ගන්නා තරුණ-තරුණියන් උතුරු පලාතේ පිහිටි පුහුණු මධ්‍යස්ථානවලට අනුයුක්ත කිරීමට නියමිත අතර පුහුණුවෙන් පසුව ඔවුන් වහාම පොලිස් සේවයට යොමු කිරීමට නියමිත වේ.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 200 ක්, පොලිස් කොස්තාපල්වරුන් 1400 ක් හා පොලිස් කොස්තාපල්වරියන් 400 ක් බඳවා ගැනීමට නියමිතය.

මේ හරහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වැඩකටයුතු තවදුරටත් ඉහළ ගුණාත්මකභාවයෙන් කරගෙන යාමට ඉඩකඩ සැලසෙන බවයි පොලිස් මූලස්ථනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif