Log in

updated 9:58 AM UTC, Feb 23, 2020
Headlines:
A+ A A-

බදු සහන පිල්ලි ගහන සමාගම්වලට අනතුරු ඇඟවීමක්!

Tax z

වත්මන් රජය විසින් ලබාදුන් බදුසහන ජනතාවට ලබානොදී කටයුතු කරන සමාගම්, තවදුරටත් එසේ කටයුතු කරන්නේ නම් ජනතාව ඉදිරියේ ඒවා හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මේ පිළිබඳ අද (14) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය වැඩිදුරටත් මෙසේ අවධාරණය කර සිටියි.

නව රජය බලයට පත්වීමත් සමග ජනතාවට ලබා දුන් බදු සහන මේවන විටත් පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු නොකිරීම පිළිබදව වන පැමිණිලි පිළිබදව සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේදී නියෝග කරන ලදී.

විශේෂයෙන්ම මෙම බදු සහන ජනතාවට ලබා දෙනු ලැබුවේ 2019/12/01 දින සිටය. එහෙත් තවම සමහර සමාගම් උක්ත බදු සහන පාරිභෝගියාට ලබා දීමට කටයුතු කර නැති අතර තවත් සමහර සමාගම් එම බදු සහන පාරිභෝගිකයාට ලබා දෙනු ලැබුවේ අඩුවෙනි.

රජය විසින් ජනතාවට ලබා දෙනු ලැබූ බදු සහන නිවැරදිව ඉතා ඉක්මනින් පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස අප සංවිධානය මෙරට සියලු සමාගම් වලින් හා ආයතන වලින් ඉල්ලා සිටින අතර එසේ කිරීමට අපොහොසත් වන සමාගම් හා ආයතන පිළිබදව හෙළිදරව්වක් කිරීමට අප සංවිධානය කටයුතු කරන බව දැනුම් දෙමු.

 

NMFCRP

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif