පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය ගැටළු සහගතයි!- මධ්‍යම ආණ්ඩුකාර
පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය සාධාරණ නොවන බවත් නාගරික හා ග්‍රාමීය ඉඩම් හිමිකම් පිළිබද ඇති ගැටලුත් ඒ සදහා බලපාන බව මාතලේ, නුගගොල්ල , ධර්ම ප්‍රදීප ප්‍රථමික විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවයේදී (14) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පැවසිය.
පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල , ධර්ම ප්‍රදීප ප්‍රථමික විද්‍යාලයේදී පැවති අතර අධාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වඩා සාධාරණ හා යුක්ති යුක්ත ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවක් ඇතිබවත් ගරු ආණ්ඩුකාරතුමන් පෙන්වාදුන් ගැටලුව කෙරෙහි ඉක්මනින්ම අවධානය යොමුකොට අසාධාරණයට ලක් වුවන් වෙත සහනයක් ලබා දීමත්, ජාතික පාසලක් නොමැති අධ්‍යාපන කලාපයකටම ජාතික පාසලක් හදුන්වාදීමත් සිදු කරන බව පැවසිය. තවද පාසල් සිසුන් ලේබල් කරණය නුසුදුසු බවත් සමත් හෝ අසමත් වීම තාවකාලික බවත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
What do you think?
Send us feedback!