Logo

උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය මිනිස් ජීවිතයක් බිලිගනී!

Jaffna

ණය පොලී මුදල් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පවුලක් පසුගිය 20වනදා වසපානය කොට සියදිවි හානිකරගැනීමට උත්සාහ කර ඇත.

 

එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තත්වයේ පසු වූ දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

අධික ණය බර හේතුවෙන් මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා ය. වස පානය කිරීමෙන් මිය ගොස් ඇත්තේ නවරත්නම් විමලේස්වරී නැමති 65 හැවිරිදි මව වන අතර බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇත්තේ ඇගේ දියණිය හා දියණියගේ සැමියා ය.

මෙම විපතට හේතු වී ඇත්තේ ණය මුදල් ලබා ගෙන අදාල ණය මුදල් හා පොලී මුදල නියමිත දිනයන්ට ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ සිත් කණස්සල්ල සහ පීඩනය බව ප්‍රදේශවාසී හු පවසති.

ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාව සම්බන්ධයෙන් බලධරයින්ගේ අවධානය නිසි අයුරින් යොමු නොවී තිබෙන තාක් දුප්පතුන්ගේ සියදිවි නසා ගැනීම් අසන්නට තව තවත් සිදුවනු ඇත.

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com