Logo

මාස දෙකෙන් ආණ්ඩුව අප්‍රසාදයට: ආර්ථික වැඩපිළිවෙලට 81%ක් අකමැතියි!

Goverment lanka

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පත්වී ගෙවුණු මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත වැටී ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයක් හරහා අනාවරණය කර ඇත.

 

විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණය සිදුකර ඇති අතර ආණ්ඩුව හොඳින් කටයුතු කරන බවට පවසන පිරිස 44.3% ක් වෙද්දී විශ්වාසයක් නැති බව සහ ආණ්ඩුවේ කටයුතු හොඳ නැති බව 55.7%ක් පවසයි.

එසේම ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හොඳ යයි පවසා ඇත්තේ 18.8%කි. සෞභ්‍යාගයේ දැක්ම ආර්ථික ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළ පිරිස 81.2%කි.

රාජ්‍ය ආයතනවලට නිළධාරීන් පත්කිරිම සම්බන්ධයෙන් 70%ක විරෝධයක් මේ සමීක්ෂණය තුළ එල්ල වී ඇත. ජීවන වියදම අඩු කළ බව ආණ්ඩුව ආරම්භයේ දීම ආණ්ඩු පක්ෂයේ දේශපාලනයක් හා මාධ්‍ය විසින් දැඩි ප්‍රචාරයක් සිදුකළ ද එය එසේ සිදු නොවූ බවත් තවමත් ඉහළ ජීවන බරක් ඇති බව 83%ක් පවසයි.

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com