Logo

නීතිය තිබ්බාට වැඩක් නැත. යුක්තිය ඉටු විය යුතුයි.

එයාර් බස් ගණුදෙනුවේ ජනතා මුදල් කෝටි ගනන් රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් වලට බැර කළ බව දැන් අනාවරණය වී තිබේ. එහෙත් මේ වනතෙක් ඔවුන් කිසිවකු අත්අඩංගුවට ගත යුතු බවට නීතිපති උපදෙස් ලබා දී නැත.නීතිපති උපදෙස් ලබා දෙන්නේ වංචා දූෂණ හෙළිදරව් කළ රංජන් වැනි සැබෑ ජනතා නියෝජිතයන් අත්අඩංගුවට ගන්න කියා පමණී.

 එපමනක් නොව එසේ අත්අඩංගුවට ගත් පසු ඇප ලබා නොදීමටද කටයුතු කරන බවට නීතිපතිවරයා රාජපක්ෂ වරුන්ට බැදී ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාර වරියක් බෙල්ලෙන් අල්ලා පාතාල සමාජිකයන් ලවා මහ දාවාලයේ එලවා දැමු යුගයක් තිබිනී.එවක ජනාධිපති අද අගමැති ලෙස කටයුතු කරන අතර එවක ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති ලෙස කටයුතු කරයි.

මහ දවල් නීතියේ ආධිපත්‍යය මැදමුලන වලව්වේ කෑම මේසය මත සාකච්ඡා කල යුගය අද නීතිපතිටද අමතකව ඇත. එදා නඩු කාරයන්ට කිසිවක් කිරීමට ඉඩ තිබ්බේ නැත. තීන්දු තීරණ රාජපක්ෂලා විසින් ගනු ලැබිය. නඩුකාරවරු රාජපක්ෂ පොඩි ඇට කිච්චන් දුටුවත් වෙව්ලන තැනට එවක පාලනය ත්‍රාඩ වීය.අධිකරණයට බලපෑම් කල බවට වත්මන් අගමැති විසින්ම සිදු කරන ප්‍රකාශයක හඬ පට රංජන් රාමනායක සතුව තිබේ.ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කරද තිබේ.

අද වන තුරු අධිකරණයට නොව සිදු කල කිසිදු ඝාතනයක් සම්බන්ධයෙන් රාජපක්ෂලා එකෙක් වත් අත්අඩංගුවට ගෙන තිබේද..?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරිමට මුලීක වූ මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කර තිබු උදයංග වීරතුංගට නිකුත් කල රතු වරෙන්තුව පවා නැවත කැදවීමට නව ජනාධිපති යටතේ සිදු වීය. එතනින් නොනැවතී උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කරන්න අවශය කෙසේද කියා උපදේස් ලබා දීම පවා සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය විසිනී. ජනාධිපති ගෝඨාභය මැතකදී ප්‍රසිද්දියේ අධිකරණයට අනතුරු ඇගවීම් කලෙ ජනාධිපතිගේ තීරණ වලට අධිකරණය බාධාවක් නොවිය යුතු බව පවසමින්‍ ය.

රංජන් රාමනායක අත්අඩංගුවට ගන්නේ කුඩු දුමින්ද සම්බන්දව ලබා දුන් නඩු තීන්දුව ලබා දුන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක විනිශ්චයකාරවරයෙකු සමග කල කතාබවක් මුල් කරගෙනය. භාරත ලක්ෂ්මන් ඝාතනය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත. බැරවීමකින් සිදු වුන ඝාතනයක් නොවන බව කීමට හැකි වන්නේ එම ස්ථානයේ T 56 උන්ඩ කොපු 150ට වැඩි ප්‍රමාණයක් සෝයා ගැනීම තුලිනී. එපමනක් නොව දූමින්ද සිල්වා සමග එම ස්ථානයේ මෙම ඝාතනය සිදු කරන්නේ නම ගිය පාතාල නායකයන් පිරිසකි. සුදු පුතාට වෙඩි වැඩීම නිසා කලබල වු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලය දිව ගියේ බාටා සෙරෙප්පු පිටින්‍ ය. ඒ හදිසියට නොව ජනාධිපතිගේ සරල කම නිසා විය හැකිය.

මහ දවල් සිදු කල ඝාතනයක් සම්බන්ධයෙන් නඩුකාරවරුන්ට බලපෑම් කල යුතු ද ප්‍රශ්නය ඔබ ඔබගේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු කරුණකී .?

2015 ට කලින් රාජපක්ෂලා අධිකරණයට සහ පොලිස් නිලධාරීන් හට සිදු කල බලපෑම් හේතුවෙන් එක රාජපක්ෂ කෙනකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද..? නීතිපතිවරයා වත් ඒ පිළිබඳව නිතිය ක්‍රියාත්ම කරන්න උපදෙස් ලබා දී තිබේද..? නැත.

එසේ නම් රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිර කර තබා ගැනීම සාධාරණ ද.? නැද්ද.? කියා ඔබ තීරණය කල යුතුය.!

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com