Logo

එජාපය නායකයන්ට ලැජ්ජාවක් නැති වුණත් ඒක පාක්ෂිකයන්ට තිබිය යුතුයි.

රංජන් රාමනායක සමග එකට කරට අත දාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ සහ පාර්ලිමේන්තු නියෝජනය සියළුම මන්ත්‍රී වරු හඬ පට එළියට ඒමත් සමග රංජන් රාමනායකව තනි කර පහර දීමට කටයුතු කලේය.

එහෙත් රංජන් රාමනායක තනිව සත්‍යය වෙනුවෙන් සටන් කලේ ඔහුට අහිමි වන්නට දෙවල් නැති නිසාය. ඔහුට දුකකට තිබෙන්නේ ඔහුට මනාපය ලබා දී ජනතා නියෝජනය කිරීමට තෝරාපත් කල ජනතාව ගැන ය.

පාර්ලිමේන්තුවට පැමිණෙන සියල්ලොම මුලින්ම කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර දියුණු කරගන්නේ කෙසේද කියාය. එයට කදිම නිදසුන විමල් වීරවංශ ගේ නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නයි (trendy).

එහෙත් මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුල සිදුවන සියල්ල ජනතාවට දැන ගන්න ලැබුනේ රංජන් රාමනායක නිසාය.

පක්ෂ විපක්ෂ සියල්ලොම රංජන් වෙනුවෙන් පෙනි සිටිම මග හරින්නේ ඔවුන් සැබා ජනතා නියෝජිතයන් නොවන නිසාය. ඇත්ත වශයෙන්ම රංජන් රාමනායක වගේ සත්‍යය වශයෙන්ම ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් මේ මොහොතේ පාට පක්ෂ භේදයකින් තොරව රංජන් රාමනායක වෙනුවෙන් නොව සත්‍යය වෙනුවෙන් පෙනි සිටිම ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු නියෝජනය කරන සියල්ලන්ගේම වගකීමයි

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com