Logo

යුක්තිය උදෙසා.. පෙනී සිටිය හැක්කේ නීතිගරුක පුරවැසියාට පමණි..

ජනතාවට පණ දෙන්න කතා කරන ජනතා නියෝජිතයෝ, සමාජ ක්‍රියාකාරීන්, ජාති ආලය බේරෙන සංවිධාන ඇත්ත කතා කරපු රංජන් සිරගත කිරිම සම්බන්ධයෙන් ගොළු වෙලා.

රංජන් රාමනායක සිරගත කර තිබෙන්නේ හොරු, කුඩ්ඩො , එතනෝල් කාරයන්, රේස්බයිකාරයන් , වැලී ජාවාරම් කාරයන් , පස් ජාවාරම් කාරයන් ගැන කතා කළ නිසා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ රෙදි ගලවපු නිසාය.

පස් මාෆියාව සමග සටන් කිරිම නිසා ඔහුට ඔහුගේ ආසන සංවිධායක කම පවා අහිමි වී ගියේය.ශ්‍රී ලංකාවේ ජාවාරම් කාරයන් එතරම් ප්‍රබලය. රංජන් රාමනායක සිරගත කිරිමට පාදක වූ හඬ පට මාධ්‍ය වෙත මුදා හැරියේ හිරු නාලිකාවේ අධිපති රේනෝ සිල්වාගේ උපදෙස් මත බව ප්‍රසිද්ධ රහසකි.එපමනක් නොව එම හඬ පට නොයිස් ස්ටුඩියෝ හීදී නාමල් රාජපක්ෂ සහ ඉරාජ්ගේ උපදෙස් මත සංස්කරණය කළ බවත් ප්‍රසිද්ධ රහසකී. එහෙත් මුන් එකෙක් වත් අත්අඩංගුවට ගතයුතු බවට උපදෙස් දීමට නීතිපතිට අමතක වී තිබේ.

නීතිපති යහපාලන රජය සමයේ ආන්දෝලනාත්මක ලෙස රාජපක්ෂලාගේ නඩු හිතාමතා තාක්ෂණ දෝෂ සහිතව ගොනු කිරිම හේතුවෙන් ඒ තක්කඩියන් නීතියේ හිල් වලින් රිංගා ගත් නිසා යහපාලන රජයේ හොරු ඇල්ලුවේ නෑ කියන මතය ජනගත කිරිමට රාජපක්ෂලාම කටයුතු කළේය.

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් වරක් නීතිපති චෝදනා 7537 ක් යටතේ නඩු ගොණු කලේය. එම නඩුව ගොණු කිරිමත් සමග badusure.lk වෙබ් අඩවිය ඒ පිළිබඳව ඒ මොහොතේම අනාවරණය කළේ නිශ්ශංක සේනාධිපති නිදහස් වන ලකුණු යන ශීර්ෂ පාඨයෙනි. ඒ අයුරින්ම ගෝඨාභය රාජපක්ෂ අනුග්‍රහය යටතේ නිශ්ශංක සේනාධිපති බන්ධනාගාරයෙන් නිදහස් විය.එම අනාවරණය සිදු කල badusure.lk වෙබ් අඩවිය අද වන විය අතුරුදන් කිරිමට තරම් රාජපක්ෂලා නිවට වී තිබේ. සත්‍යය වෙනුවෙන් කතා කළ රංජන් රාමනායක සිර ගත කිරිම පමණක් නොව සත්‍යය කතා කරන වෙබ් අඩවී පවා අතුරුදන් කිරිමේ ක්‍රියාවලියක් දැන් පටන් ගෙන තිබෙන්නේ සුදු වෑන් සංස්කෘතිය ඩිජිටල් වී ඇති බැවිනී.

කේසේ හෝ අප මේ සියල්ල මතු කළේ ලංකාවේ සත්‍යය වෙනුවෙන් කතා කිරිම සිර ගත විය හැකි වරදක් වී ඇති නිසාය.

ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ජනතාවට පට්ට අදරයක් දක්වන බව කියන පාර්ලිමේන්තුව තුල දාර්ශනික අදහස් දක්වන කිසිවකු ඇත්ත කතා කළ රංජන් වෙනුවෙන් අද වන තෙක් කිසිවක් කතා කළේ නැත. පාර්ලිමේන්තුව තුල බොහොමයක් දෙනා කතා කරන්නේ, රංජන් සභාගත කළ හඬ පට ප්‍රසිද්ධ නොකරන්න කියා ය. ඒ උන්ගේ ජාතකය හෙළිදරව් විම වසා ගැනීමට උන්ගේ යහපත උදෙසාය. එහෙත් රංජන් නිදහස් කළ යුතුයි කියා මුන් එකෙක් හෝ කියන්නේ නැත.

ජනතාව රවට්ටන ජරාජීර්ණ වූ දේශපාලන භුමිකාව හෙළිදරව් කිරිමේ හැකියාව දැන් තිබෙන්නේ රංජන් රාමනායක අතේය. නීතිය ක්‍රියාත්ම කරන ආයතන වලට බලපෑම් කිරිම වෙනුවට රංජන් ජනතා නියෝජිතයකු ලෙස එම නිලධාරීන් හට ශක්තියක් ලබා දි තිබේ. රාජපක්ෂලා ඊට හාත් පසින්ම වෙනස්‍ ය. මේ වන විට සුප්‍රකට එයාර් බස් ගණුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගේ භූමිකාව හෙළිදරව් වීමත් සමග රාජපක්ෂලා CID ට පවා බල්පෑම් කිරිම ආරම්භ කර තිබේ.

එයාර් බස් ගණුදෙනුව පමණක් නම් කමක් නැත. අගමැති මහින්ද රාජපක්ගේ ලොකු අම්මාගේ පුතා වන ගෝඨාභයගේ සුප්‍රකට මිග් යානා ගණුදෙනුවේ පළමු විත්ති කරු උදයංග වීරතුංග වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා ප්‍රකාශ ලබා දෙමින් අධිකරණ වලට ප්‍රසිද්ධියේම බලපෑම් කරමින් සිටි.

හැට නව ලක්ෂයක් ජනතාව බලාපොරොත්තුවු වෙනස මෙයද.? වසර 26කට ආසන්න කාලයක් රට පාලනය කලේ චන්ද්‍රිකා , මහින්ද , ගෝඨාභය සහ රාජපක්ෂලා සමග ඩීල් සමගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනී. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ලෝකේ වටේ ගිහින් කියන්නේ ණය ගෙවන්න සල්ලි නෑ කියාය.(මහින්ද රාජපක්ෂ ලංකාවේ 06 වන කෝටිපතියා කියා කතාවක්ද තිබේ). මෙම තත්වයට වග කිව යුත්තේ කවුරුන්ද කියා හැට නව ලක්ෂයේ සහ පනස්පන් ලක්ෂයේ ජනතාව පිළිතුරු දිය යුතුය. රංජන් රාමනායක අනාවරණය කළ යතාර්ථය එයයි,සත්‍යය ද එයයි. ඔහු අද සිටින්නේ බන්ධනාගාර ගතකොටය.

මිග් ගනුදෙනු ,ඇවන්ගාඩ් ගනුදෙනු වල මහ මොළ කටුව වත්මන් ජනාධිපතිය, එකල ජනපති මහින්ද රාජපක්ෂ අද අගමැති ය, වත්කම් හෙලිදරව් කිරිමට නොහැකී වූ විමල් වීරවංශ කැබිනට් ඇමති, හිටපු ජනාධිපති සිරිසේනගේ අනුහසින් නිදොස්කොට නිදහස් කරන ලද එතනෝල් ජොන්සන්ටන් අද කැබිනට් ඇමති,තාජුඩීන් ඝාතනය කිරිමට බාවිතා කල සිරිලිය ඩිෆෙන්ඩරයෙ සිරිලිය නෝනා වත්මන් අගමැති ආර්‍යාව ලෙස සිටි. පාසලෙන් ඉවත් වන විට ඩේසි ආච්චිගේ මැණික් විකුනා කෝටිපතියන් වූ නාමල් රාජපක්ෂ වැඩ බලන අගමැතිය. මල්වානේ අයිති කරුවකු නොමැති බංගලාවේ මැවුම් කරු බැසිල් නිදහසේ සිටි.

තක්කඩි සියල්ල නිදහසේ සිටින විට ඇත්ත කතා කල රංජන් පමණක් බන්ධනාගාරයේ කූරු ගනිතී. ඇප නොදීමට තරම් රංජන් රාමනායක කල වරද කුමක්ද කියා අසන්නට තරම් කොන්දක් ඇති එක දේශපාලකයකු වත් නැද්ද...? ඉදිරි මැතිවරණයේදි ඔබගේ ජන්දය ලබා දීමට බලාපොරොත්තු වන්නේ මුන්ටද..?

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com