Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

මාතලේ පවුල් 11000කට වැසි­කිළි නෑ: 7000කට ගෙවල් නෑ: - මාතලේ දි.ලේ.කා

Matale

මාතලේ දිස්ත්‍රි­ක්කයේ තම­න්ටම කියා නිව­සක් නොමැති පවුල් හත්ද­හ­සක්, තම­න්ටම කියා ඉඩ­මක් නැති පවුල් හාර­ද­හ­සක් සහ නිසි සෞඛ්‍යා­ර­ක්ෂිත වැසි­කිළි නොමැති

පවුල් දස­ද­හස් නව­සිය හත­රක් සිටින බව පසු­ගිය 2019 වසරේ දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය සිදු­ කළ අධ්‍ය­න­ය­කින් හෙළි වී තිබේ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය මගින් 2019 සංඛ්‍යාන අත්පොත නමින් එළිදැක් වූ ගවේ­ෂ­ණා­ත්මක තොර­තුරු විශ්ලේ­ෂ­ණයේ මේ බව සඳ­හන්ව තිබේ.

ඒ අනුව මාතලේ දිස්තී­ක්කයේ මාතලේ, දඹුල්ල , ගලේ­වෙල, නාඋල, පල්ලේ­පොල, යට­වත්ත, අඹ­න්ගඟ කෝර­ළය, ලග්ගල පල්ලේ­ගම, විල්ග­මුව, රත්තොට, උකු­වෙල යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජන­තා­වගේ තොර­තුරු අනුව මේ වන විට තම­න්ටම කියා ඉඩ­මක් නොමැති පවුල් හාර­ද­හ­සක් සිටින බව අනාවරණය කර ඇත.

තම­න්ටම කියා ඉඩම් අහිමි පවුල් හාර­ද­හ­සක් ද සිටීම විශේ­ෂ­ත්ව­යකි. විවිධ වළ වැසි­කිළි යොදා­ගෙන අව­ශ්‍ය­තා­වය සපු­රන පවුල් දහ දහස් දෙසිය දහ­අ­ටක් සිටින බවත් කිසිදු වැසි­කි­ළි­යක් නොමැ­තිව තම අව­ශ්‍ය­තා­ව ඉටු කර ගැනීම සඳහා කැලය භාවිතා කරන පවුල් 691 ඇති බවද මෙම සංඛ්‍යාන අත් පොත හරහා පෙන්වා දී ඇත.

ඒ අනුව කිසිදු වැසි­කිළි පහ­සු­ක­මක් නොමැ­තිව ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පවුල් එක­සිය දාහ­ත­රක් දඹුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පවුල් 193ක් නාඋල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පවුල් හත­ළිස් නව­යක් පල්ලේ­පොල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පවුල් විසි එකක් යට­වත්ත පවුල් 28ක් මාතලේ පවුල් 45ක් අඹ­න්ගඟ කෝරලේ පවුල් 39 ලග්ගල පල්ලේ­ගම පවුල් 46ක් විල්ග­මුව පවුල් දාස­යක් රත්තොට පවුල් එක­සිය දහ­යක් උකු­වෙල පවුල් තිහක් ආදී කිසිදු වැසි­කිළි පහ­සු­ක­මක් නොමැ­තිව ජීව­ත්වන බව මෙම ලේඛ­නයේ උපුටා දක්වා තිබේ.

මේ පිළි­බඳ මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් .එම් .ජි .කේ .පෙරේරා මහ­තා­ගෙන් විම­සී­මේදී කියා සිටියේ ලබා­ගත් තොර­තුරු දත්ත අනුව මෙය සකසා ඇති බවත් ඇතැම් විට මේ තත්ත්වය මීට වඩා වැඩි විය හැකි බව ය. කෙසේ වෙතත් වැසි­කි­ළි­යක් නොමැති සහ අවම වැසි­කිළි පහ­සු­කම් ඇති කණ්ඩා­යම් වෙත කඩි­න­මින් ඒ සඳහා අව­ධා­නය යොමු විය යුතු බව ඒ මහතා සඳ­හන් කළේය.

සිගි­රිය විශේෂ (dinamina)

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif