Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

වරායට කළු විරෝධතා සතියක්: ජනපතිට අනතුරු ඇඟවීමක්!

Port Protest

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය විසින් ආරම්භ කරන්නැයි

ඉල්ලමින් අද සිට නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෘත්තීය සමිති සඳහන් කරයි.

ඒ අනුව අද දහවල් 12.00 සිට වරාය චෛත්‍ය ඉදිරියේ සිට මෙම විරෝධතා ආරම්භ කරන බවත් ඒ සඳහා වරාය වෘත්තීය සමිති 23ක් එක්වන බවත් ස්වාධීන වරාය සේවා වෘත්තීය සමිති සභාපති ලාල් බෙංගමුවගේ සඳහන් කර ඇත.

අද සිට වරායේ කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් යයිද ,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ පරිපාලනය පාලනය යටතේ මෙහෙයුම් ආරම්භ කරන බවට සහතික කරන තුරු අඛණ්ඩව මෙම විරෝධතා සිදුකරන බවත් ඔහු අවධාරණය කර සිටියි. 

 

ජනපතිට අනතුරු ඇඟවීමක්!

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ජනපති මෛත්‍රීපාල නොකළ දේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ කරන්නට හැදූ දේ ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළහොත් නොවැම්බර් 16 ජනවරමේ ආධ්‍යාත්මය මරණයට පත් වෙන බව 'ජාතික සංවිධාන එකමුතුවේ' කැඳවුම්කාර, වෛද්‍ය වසන්ත බණ්ඩාර අවධාරණය කර සිටියි.

'ලංකා ලීඩ් නිව්ස්' කළ විමසීමක දී ඔහු මෙසේ සඳහන් කර ඇත.

”රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇමති සාගල රත්නායක විසින් අත්සන් කළ ගිවිසුම යාචක මනසින් අත්සන් කළ එකක්. ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ණයටවත් ගන්න විදිහක් නැහැ කියලා වරායෙන් 49% ක් ඉන්දියාවට සහ ජපානයට උකස් තියලා හම්බ කරන එකෙන් ණය ගෙවලා ඉතිරිවන එකෙන් භාගයක් තියාගන්නවා. ශ්‍රී ලංකාව ණය ගෙවන්න අවු. 40 ක් යනවා. ඒත් ණය ගෙවලා ඉවර උණාට පස්සෙත් සදාකාලිකවම එම මහා වටිනා භූමියෙන් භාගයක් ඉන්දියාවට සහ ජපානයට අයිති වෙනවා.

ඒක ගොන් තකතීරු එකඟතාවයක්. ඒක එහෙම කරන ගමන් කටුනායක ගුවන්තොටුපළ වැඩි දියුණු කරන්න කියලා ඩොලර් මිලියන 500 ක් ණයට ගන්නවා. මේක ණය ගැනීමට නොහැකි නිසා කරන දෙයක් නෙවෙයි. ඉන්දියාවට භූ දේශපාලන වශයෙන් යටත් වීම එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සැලසුමට ගොදුරු වීම නිසා කරන දෙයක්.

මේක කලොත් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ මහා ජනවරමේ ආධ්‍යාත්මය මරණයට පත් වෙනවා.” යැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ජනාධිපති ගෝඨාභයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif