Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

ඡන්දයක් කටේ තියාගෙන වර්ජනයකට යාමෙන් බංකොලොත් දේශපාලනයේ තරම පේනවා - ජෝන්ස්ටන්

Jonston F

වරායේ වැඩ වර්ජනය සම්බන්ධව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ දේශපාලන වශයෙන් බංකොලොත් වුන අය කොළඹ දිස්ත්‍රික්කයෙන් පරදින බව දැන දැන කොහේ හරි දේක එල්ලීමට උත්සාහ කරන බවයි.

ඉතිහාසයේ මීට පෙර කිසිම දිනෙක ඡන්දයක් අත ලඟ තබාගෙන මෙවැනි වරාය වර්ජන පවත්වා නොමැති බවද ඒ මහතා කියා සිටියේය. වැඩි දුරටත් කතා කරමින් ඔහු පවසා සිටියේ

'දැන් විවිධ වර්ජන යනවා.වර්තමාන අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා වරාය වර්ජනය ඔවුන් නතර කරලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්දයක් තියෙනව වෙලාවට ඡන්දේ කටේ තියාගෙන මේ වර්ජනය කෙරුවේ. අපි පැහැදිලිව කියනවා

ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත් අපේ සම්පත් විකුණන්නේ නෑ කියලා. දැන් මේගොල්ලෝ මේ උද්ඝෝෂණය පටන් ගත්තේ මොකටද කියලා කවුරුත් දන්න දෙයක්.මේකෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච උදවිය කොහේ හරි එල්ලෙන්න හදන බව. ඒ එල්ලිච්ච තැනක් තමයි චන්ද්‍රසේන මහත්තයාගේ පුතාගේ නම දාපු බුවනෙක හෝටලය බුවනෙකබාහු රජතුමාගේ කියලා කිව්වේ චම්පික රණවක. දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච අය කොළඹ දිස්ත්‍රික්කයෙන් පරදින බව දැන දැන කොහේ හරි දේක එල්ලනෙවා.

කොළඹ වරාය කොරෝනා වෛරසක් එක තියෙන කාලේ ලෝකේ වැඩ කරපු ප්‍රධානම වරායක් වෙලා තිබුණා.උද්ඝෝෂණ කෙරුවාට කමක් නෑ.වරායේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ නැතුව.වරායට ආදරයක් තියෙන මනුස්සයෙක් කවදාවත් වරායේ වැඩපිළිවෙල අඩාල කරලා කවදාවත් වැඩවර්ජන කරන්නේ නැහැ.උද්ඝෝෂණය කරන අයගේ චෝදනාවක් තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු වරාය විකුණනවා කියලා. මට වරාය විකුණන්න පුළුවන්ද? මම මේ රටේ ජනාධිපතිතුමා ද? මම මේ රටේ අගමැතිතුමා ද? ඉතින් මට පහර දීලා දිලා ගැහුවා. මම දැනගෙන හිටියා මේක පිටිපස්සේ දේශපාලනය තියෙනවා කියලා. ඒ තමයි චම්පික රණවකලා. කිසි දෙයක් නෑ බොහෝම ආදරයෙන් පිළිගත්තා. හැබැයි වෘත්තිය සමිති නායකයෝ ආරාධනා කරපු නිසා එතැනට ගියපු ආණ්ඩුවේ ඇමතිවරුන්ට හූ කිව්වා.'

මෙම වරාය වැඩ වර්ජනය පිටුපසු ඇත්තේ සම්පූර්ණ දේශපාලනය බවද ඔහු අවසාන වශයෙන් පවසා සිටියා.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif