ප්රභූ පැරදුණත් පොරොන්දු ඉටුකරනවා - මුරලිගෙන් සහතිකයක්!

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තමන් දේශපාලන වේදිකාවට ගොඩවුණේ තම මල්ලි වන මුත්තයියා ප්රභාකරන් ගේ ජයග්රහණය වෙනුවෙන් බවත්
ඔහු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ ජනතාවට සේවය කිරීමට එක්වෙන ලෙස ඉදිරිපත් වූ ආරාධනය නිසා බව හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ හැටන් ඩී.කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්රයේ ඊයේ (01) පැවති ජන හමුව අමතමින්ය.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් ගේ සහෝදරයකු වන මුත්තයියා ප්රභාකරන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්රික්කය වෙනුවෙන් තරග කරයි.
එහිදී ඔහුගේ ජයග්රහණය වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් මෙන්ම ජනප්රිය හිටපු ක්රිකට් ක්රීඩකයන් කිහිපදෙනකු එක්ව සිටි අතර සනත් ජයසූරිය සහ ප්රමෝද්ය වික්රමසිංහ ඒ අතර විශේෂය.
මෙහිදී ජනතාව අමතමින් හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් මෙසේද පැවසීය.
අපේ පවුලේ කවුරුත් දේශපාලනය කරලා නෑ. අපිට ඒ අත්දැකීම් නෑ. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මට ආරාධනා කරා දේශපාලනයට ඇවිත් ජනතාවට සේවය කරන්න. මම ඊට කැමති වුණේ නෑ. නමුත් එතුමා කරුණු පැහැදිලි කරාට පස්සේ මම අපේ මල්ලි ප්රභූ ට අපේක්ෂකත්වය දීලා මේ විදියට ආවේ.
මම දැනටමත් පදනමක් හරහා අවුරුදු 22ක් තිස්සේ රටේ ජනතාවට විවිධ සත්කාර සිදුකරනවා. ඒ කටයුත්ත අපේ අනෙකුත් ක්රීඩකයන් සමග සිදුකරන්නේ අපි ක්රිකට් තරගයක් ගහනකොට අපි දිනනකොට සුභ ප්ට්ත්තතපු, පරදිනකොට දුක්වුණ අපේ ජනතාවට සහන දෙන්න, ඔවුන්ට කෘතගුණ දක්වන්න.
එන මැතිවරණයෙන් පොහොට්ටුව දිනවන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට රට හදන්න උදව් කරන්න. ඊළඟ අවුරුදු කිහිපය පොදුජන පෙරමුණේ පාලනයක් තියෙන්නේ. අපි ජනතාවට සේවය කරනවා වගේම ආණ්ඩුවෙන් ලැබෙන දේත් ජනතාවට අරගෙන දෙන්න ප්රභූ නුවරඑළියෙන් එක කරලා දෙන්න කියලා ඉල්ලනවා.
එසේම මෙවර මහ මැතිවරණයේදී ශ්රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ නුවරඑලිය දිස්ත්රික්කයෙන් තරග කරන සිය සොයුරු මුත්තයියා ප්රභාකරන් දිනුවත් පැරදුනත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලිමක් මත එම දිස්ත්රීක්කයේ ජනතාවට තම පදනම මගින් උපකාර කරන බව හිටපු ක්රිකට් ක්රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.
මෙහිදි අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් මෙසේද පැවසිය.
''අපේ පදනම දලා දෙනවා මේ පලාතට, මේ පැත්තේ දරුවන්ට තාක්ෂණය,වෘත්තය පුහුණු, ස්වයං රැකියා ලබා දෙන්න. මේ පදනමට කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසුරිය සහ ගොඩාක් ක්රිකට් ක්රිඩකයෝ උදව් කරනවා.
ස්වයං රැකියා , ඉගෙනීම වගේ දේවල් වලට සහය දීලා ජනතාව ඉන්න මට්ටම උසස් කරන්න ඕන. අපේ අද දෙමාපියන් විඳින දුක් දරුවන් විඳින්න ඕන නෑ. ඒ තත්ත්වය වෙනස් කරමු. ප්රභූ නුවරඑළිය දිස්ත්රික්කයෙන් එක කරලා දෙන්න. මම සහ මගේ මල්ලි ගැන විශ්වාසයක් තියෙනවා නම් මනාප තුනෙන් එකක් ප්රභූට (මුත්තයියා ප්රභාකරන් ) දෙන්න.
මෙම අවස්ථාව සඳහා ජනප්රිය හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය ද එක්ව සිටියේය.
What do you think?
Send us feedback!