Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

එජාප සාමාජිකත්වයෙන් රෙහාන් ඉවත්කිරීමට හේතු කියන්න අධිකරණයෙන් නියෝගයක්!

Rehan

එක්සත් ජාතික පක්ෂය විසින් වැලිගම නගරසභාවේ නගරාධිපති රෙහාන් ජයවික්‍රම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතරතුර දී,

ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනුකරන ලද නඩු කටයුත්ත අද දින විමර්ශනය කළේය.

එහිදී රෙහාන්ගේ පැමිණිල්ලෙහි ආයාචනය කරන ලද අතුරු තහනම් නියෝගය පිළිබඳ විරෝධතා ඇත්නම් අගෝස්තු මස 11 වන දින හෝ ඊට පෙර දිනක අධිකරණයේ ගොනු කරන ලෙසට ගරු දිසා විනිසුරු විත්තිකරුවන්ට නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක රෙහාන් ජයවික්‍රම සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් තමාට එරෙහිව විමර්ශන කටයුත්තක් පැවැත්වෙන අතර තුර එහි මහ ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ මාධ්‍යයේ තමා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමා දිසා අධිකරණයේ නඩුවක් ගොනුකළ බවයි.

කෙසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධ වූ තවත් නඩු කටයුතු ගණනාවක් කිසිදු විමර්ශන කටයුත්තකින් තොරව ඉවත් කර ඇති බවත් අද දින රෙහාන් ජයවික්‍රමට අදාළ නඩුව පමණක් අධිකරණයේ විමර්ශනය කළ බවත් වාර්තා වේ. ඒ අනුව අගෝස්තු 11 දින හෝ ඊට පෙර දිනක අතුරු තහනම් නියෝගය පිළිබඳ විරෝධතා ඇත්නම් අධිකරණයේ ගොනු කරන ලෙසට ගරු දිසා විනිසුරු එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයට නියෝග කර ඇත.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif