Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට....

63287733

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 17 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නට විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. එහිදී වේගවන් පිතිහරඹයක නිතර වූ මුෂ්ෆිකුර් රහීම්, පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif