හිටපු සුපිරි ක්රීඩක බ්රයන් ලාරා රෝහල්ගත කරයි
ක්රිකට් ක්රීඩා වංශ කතාවේ නොමැකෙන නමක් තබා ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක බ්රයන් ලාරා හදිසියේ ඇති වූ පපුවේ අමාරුවක් නිසා රෝහල්ගත කර තිබේ.
ඒ ඉන්දියාවේදී ය. 2019 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධ ක්රිකට් විශේෂඥයෙකු ලෙස ඔහු ඉන්දියාවේ ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සමග කටයුතු කරයි. ඒ අතරතුර පපුවේ අමාරුවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම නිසා ලාරාව එරට ග්ලෝබල් හොස්පිටල්ස් වෙත ඇතුළත් කර ඇත.
පසුගිය මැයි 02 දා වයස අවුරුදු 50 පසු කළ ලාරා, දැනට බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකේ.
ටෙස්ට් ක්රිකට් තරගයකදී ලකුණු 400 සිමාව පසු කළ එකම පිතිකරුවා වන්නේ ඔහුය.
What do you think?
Send us feedback!